Wednesday, March 26, 2025

General line - 0115112241

වෙසක් වෙනුවෙන් කලාප 419ක්, තොරණ 321ක්, දන්සල් 4,700ක්



වෙසක් සතිය තුළ සැලසුම් කර ඇති උත්සව සම්බන්ධයෙන් පොලිසිය විසින් සොයාබැලීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව විහාරස්ථාන 10,689ක මෙවර වෙසක් සැමරුම් සිදුවන බවට තොරතුරු ලැබුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ. 

දිවයින පුරා වෙසක් කලාප 419ක්, තොරණ 321ක්, දන්සැල් 4,726ක් හා වෙනත් උත්සව 1,020ක් සංවිධානය කර ඇති බවට මේවන විට තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවරයා සඳහන් කළේ. 

ජාතික වෙසක් සතිය අද ආරම්භ වුණා. ලබන 27වනදා තෙක් එය ක්‍රියාත්මකයි.

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේයි.