කැනඩාවට අයත් ප්‍රින්ස් එඩ්වඩ් අයිලන්ඩ් හි සිටින ඉන්දියානු සිසුන් සිය ගණනක් පළාත් සංක්‍රමණ නීති හදිසි වෙනස් කිරීමකින් පසු වහාම පිටුවහල් කිරීමට මුහුන දී සිටින බව වාර්තා වනවා.
මෙම වෙනස්කම්වලට විරෝධය පළකරමින් එම සිසුන් විරෝධතා මාලාවක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.
එමෙන්ම කැනේඩියානු බලධාරීන් තම ඉල්ලීම් ඉටු නොකළහොත් උපවාසයක නිරත වන බව ද විරෝධතාවයේ නිරත වී සිටින ඉන්දියානු සිසුන් බලධාරීන්ට අනතුරු අගවා තිබෙනවා.
ප්‍රින්ස් එඩ්වඩ් දූපතේ බලධාරීන් විසින් එම පළාතේ සංක්‍රමණ නීති වෙත මෑත කාලීනව සංශෝධන එක් කර තිබෙනවා.
එ මගින් ඔවුන් පළාතේ සෞඛ්‍ය සේවා සහ නිවාස යටිතල පහසුකම් මත පීඩනයක් ඇති කිරීමට අපේක්ෂා කරන බවයි පැවසෙන්නේ.
සංක්‍රමණිකයන් සංඛ්‍යාව අඩු කිරීම අරමුණු කර ගෙන මෙම නව රෙගුලාසි ඉදිරිපත් කර ඇති බවට ද කැනඩාවට චෝදනා එල්ල වනවා.
මෙම තීරණය ඉන්දියානු ශිෂ්‍ය ප්‍රජාව අතර විරෝධතා රැල්ලක් අවුලුවා ඇති අතර, එම වෙනස්කම් අසාධාරණ බවත්, ඔවුන් අවිනිශ්චිත තත්ත්වයකට පත් කර ඇති බවත් එම සිසුන් පෙන්වා දෙන්නේ.