Tuesday, March 25, 2025

General line - 0115112241

මාලිමාව ආර්ථික කවුන්සිල විවාදය මගහරින බවට සජබෙන් චෝදනා

එන් ඒ ඩබ් නිරෝෂන් 



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක අතර විවාදයට ජාතික ජන බලවේගය දින ලබාදුන්න ද දෙපාර්ශවයේ ආර්ථික කවුන්සිල සාමාජිකයින් අතර විවාදය ඔවුන් මඟහැර ඇති බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මේ බව කියා සිටියා.