Tuesday, March 25, 2025

General line - 0115112241

එක්ප්‍රස් පර්ල් නඩුව කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට නොගන්නා ලෙස නියෝගයක්

උදය කුමාර



එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් අදාල නෞකා සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගොනු කළ අභියාචනා පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මෙම පෙත්සම සලකා බැලීම අවසන් වන තුරු අදාළ නඩුව මහාධිකරණය හමුවේ විභාග කිරීම වළක්වා නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල  අදාල නඩුව ලබන 31 වනදා මහාධිකරණය හමුවේ විභාගයට නොගන්නා ලෙස දන්වමින් මෙම නියෝගය නිකුත් කළා.