පවතින අයහපත් කාලගුණය හමුවේ පීඩාවට පත් ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 68,079ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත් පැවසුවේ ආපදාවන්ට ලක්වූ පුද්ගලයන් දෙදෙනෙකුද මිය ගොස් ඇති බවයි.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත් කළ ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඊට අදාළ දිස්ත්‍රික්කවල ජනතාවගෙන් මෙහිදී ඉල්ලා සිටියා.
වැසි සහ සුළං කාලගුණ තත්වය ඉදිරි දින කිහිපය තුළද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස්.