Monday, May 5, 2025

General line - 0115112241

කොකේන් දිවයිනට රැගෙන ආ පිලිපීන සහකාර ගණකාධිකාරීවරියක් අත්අඩංගුවට

ටී කේ ජී කපිල



කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදෙස් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

47 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවක් වන සැකකාරිය සහකාර ගණකාධිකාරීවරියක් බවට අනාවරණ වී තිබෙනවා.  

ඇය විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 20ක් පමණ වන බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

සැකකාර  එම විදෙස් කාන්තාව ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පළමුව පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව එරට සිට එම සැකකාරිය දිවයිනට පැමිණ ඇති බවයි  අනාවරණ වී ඇත්තේ.

ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු, කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03ක් සමග කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 861ක් බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 ද සඟවා ගෙන රැගෙන විත් තිබෙනවා.

සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දුන් බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.