Tuesday, April 15, 2025

General line - 0115112241

කොළඹ ත්‍රීරෝදරථ 1,000ක බෞද්ධ කොඩි සවි කෙරේ



ත්‍රීරෝද රථ දහසක  බෞද්ධ කොඩි සවිකිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙක් අද සිදු කෙරුණා.

ඒ, කොළඹ, බෞද්ධාලෝක මාවතේදීයි.

වෙසක් උත්සවය නිමිති කරගනිමින් කොළඹ, ධර්මායතනාධිපති  පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුව එම වැඩසටහන ක්‍රියාත්මක වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

එම අවස්ථාවට මහා සංඝරත්නය, අමාත්‍ය ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.