Wednesday, March 26, 2025

General line - 0115112241

ඝන පූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව කල් තැබේ



ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ජූනි මස 04වනදා දක්වා අද කල් තැබුණා.

පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා සභා ගර්භය තුළ මූලාසනය සමග 20 දෙනෙකු සිටිය යුතු වනවා.

එහෙත් පස්වරුවේ පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා අදාළ සංඛ්‍යාව නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු එලෙස කල් තැබුණා. 

මේ අතර බදු ප්‍රතිශතය සියයට 24 දක්වා අඩු කරන බවට සමගි ජන බලවේගය සිදු කළ ප්‍රකාශයකට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද මෙලෙස අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් යොමු කළ ප්‍රශ්නයකටද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පිළිතුරු ලබා දුන්නා. 

ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී අදහස් පළ කළා.

ඊට ප්‍රතිචාර දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසුවේ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රධාන ගැටලු සඳහා මේ වන විට විසඳුම් ලබා දීමට පියවර ගෙන ඇති බවයි. 

කටුනායක ගුවන් තොටුපළේදී පසුගියදා සේවකයෙකුට පහර දීමට අදාළ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමු කළ ප්‍රශ්නයකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. 

මේ අතර ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට  අද පෙරවරුවේ ඉදිරිපත් කෙරුණා.