Wednesday, March 26, 2025

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 04 දෙනෙකුට දිවි අහිමි වෙයි



පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉමදූව, රාස්සගල, මාදම්පේ සහ නාත්තන්ඩිය ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පුද්ගලයින් 67,591 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවද ප්‍රකාශ කෙරුණා.