Sunday, February 23, 2025

General line - 0115112241

ලොව පුරා බෞද්ධයින් අද සම්බුදු තෙමඟුල සමරයි - නෙත් ශ්වේත පූජා වේයන්ගොඩ සහ කූරගලදී



සම්බුදු තෙමඟුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත්, සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. 

වෙසක් පොහොය ලංකාවාසී බෞද්ධයින්ට පමණක් නොව ලෝකවාසී බෞද්ධයින්ටද අතිශය වැදගත් පොහොය දිනයක් බව රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඔලගංවත්තේ චන්දසිරි හිමියන් පැවසුවා.

මහාචාර්ය පූජ්‍ය ඔලගංවත්තේ චන්දසිරි හිමියන් පැවසුවේ සම්බුදු තෙමඟුල මෙන්ම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ ශාසනික වශයෙන් ද තවත් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බවයි. 

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබෙනවා. 

සෑම පුර පසළොස්වක පොහොය දිනකම සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන අද උදෑසන උවැසි උවැසියන්ගේ පෙහෙවස් සමාදන් වීමෙන් ආරම්භ වූයේ වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේදීයි. 

තොරණ, පහන් කූඩු ඇතුළු නේකවිධ විචිත්‍රත්වයෙන් සැරසුණු නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර පැවැත්වෙන්නේ ද වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේදීයි.

ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථ පුදබිමෙහි රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.

වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථ පුදබිමෙහි ඉදිවන නේත්‍රාලෝක වෙසක් කලාපයේදී දර්ශනීය වෙසක් තොරණට අමතරව සර්වඥ ධාතූන් හා මහ රහත් ධාතූන් වන්දනාව, මහා පහන් කූඩු ප්‍රදර්ශනය, සතර මහා අපාය, ශ්‍රී පාද අනුරුව හා බැති ගී ප්‍රසංග ද සංවිධාන කර තිබෙනවා.

 

ලබන 29 වනදා දක්වා පැවැත්වෙන නේත්‍රාලෝක වෙසක් කලාපයේදී සෑම දිනකම දන්සැල්ද සංවිධාන කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. 

නේත්‍රාලෝක වෙසක් කලාපය යටතේ විදුලි බුබුලු දස ලක්ෂයකින් වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථ පුදබිම අද සිට ආලෝකමත් වීමටද නියමිතයි.

මේ අතර වෙසක් පොහොය දිනට පසු දින එනම් හෙට නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන පැවැත්වෙන්නේ ඓතිහාසික කූරගල පුදබිමේදීයි.

කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපය සදහාද බැතිබර මාධ්‍ය දායකත්වය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.