බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්, හදිසි මහ මැතිවරණයක් කැඳවා තිබෙනවා.
ඒ අනුව මහ මැතිවරණය ජූලි 04 වනදා පැවැත්වෙනු ඇති.
පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කිරීම ලබන සිකුරාදා සිදු වීමට නියමිතයි.
මහ මැතිවරණ ව්‍යාපාරයට සති 05ක කාලයක් හිමි වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාලක පක්ෂය 05වන වරටත් බලය ලබා ගැනීමේ අරමුණින් මෙලෙස හදිසි මහ මැතිවරණයක් කැඳවා ඇති බවයි.
එය තරමක් පුදුම සහගත තීරණයක් බවටද ඇතැම් විචාරකයින් පවසනවා.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණය මීට පෙර පවත්වනු ඇති බවට අනුමාන කර තිබුණේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසයේදීයි.
ඒ අනුව ජූලි මාසයේදී බි්‍රතාන්‍යයේ මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ 1945න් පසු පළමුවරටයි.