Thursday, March 13, 2025

General line - 0115112241

තායිවාන වැසියන් 05 දෙනෙකුට චීනයෙන් දඬුවම්

චිරාන් ධර්මසේන



චීනයේ තායිවාන කටයුතු කාර්යාලය විසින් සුප්‍රසිද්ධ තායිවාන මාධ්‍ය විචාරකයින් පස් දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වලට චීනය පිළිබඳ ව්‍යාජ, සෘණාත්මක තොරතුරු සැකසීම සහ විරුද්ධ මත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා පවසා ඇත්තේ තායිවානයේ බලපෑම් කරන්නන් ලෙස හඳුන්වනු ලබන කටකතා පතුරුවන සහ බලපෑම් කරන්නන් ලෙස හැඳින්වූ පුද්ගලයින්ට  දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ග ගැන චීනය සලකා බලමින් සිටින බවයි.

තායිවානය, ප්‍රධාන භූමියේ සංවර්ධනය සහ ප්‍රගතිය පිළිබඳ කරුණු නොසලකා හැර ඇති බවත් එමෙන්ම තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස සිටින රටවැසියන්ගේ හැඟීම් රිදවන බවත් ඔහු චෝදනා කළා.

ඒ අනුව Huang Shih-tsung, Yu Pei-chen, Lee-Zhenghao, Wang Yi-chuan සහ Liu Bao-jie - නමැති පුද්ගලයින් 05 දෙනාට සහ ඔවුන්ගේ පවුල්වලට දඬුවම් කරන බවයි චීනය පවසන්නේ