පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙන්ම එරට සුප්‍රසිද්ධ දේශපාලන පවුලක සාමාජිකයෙකු වන මුහම්මද් කුරාම් ඛාන් ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ බ්‍රිතාන්‍යයේ නඩු විභාගයකට පෙනී සිට තිබෙනවා.
60 හැවිරිදි මුහම්මද් කුරාම් ඛාන් තම පුතාගේ නීති උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට මේ වසර මුලදී එක්සත් රාජධානියට පැමිණ තිබේ.
එහෙත් බාලවයස්කාර දරුවෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වු බවට චෝදනා එල්ල වීම හමුවේ බ්‍රිතාන්‍ය බලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පකිස්තාන මාධ්‍ය වාර්තා කළේ.
කිංග්ස්ටන් ක්‍රවුන් උසාවියේ විනිසුරුවරයා පැවසුවේ කුරාම්ට චෝදනා දෙකක් එල්ල වී ඇති බවයි.
17 හැවිරිදි බාලවයස්කාර දැරියක් සමඟ ලිංගිකව හැසිරීමට උත්සාහ කිරීම සහ ළමා ලිංගික අපරාධයක් සිදු කිරීම සංවිධානය කිරීම එම චෝදනා වනවා.
නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටියේ ඔහුගේ නීතිඥ චාලීන් සුම්නාල් විසින්.
ඛාන් ඔහුට එරෙහි ලිංගික අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුට සමීප පුද්ගලයන් පවසා ඇත්තේ ඔහු කොටු කර ඉලක්ක කර ඇති බවයි.
ඛාන් නිර්දෝෂී පුද්ගලයෙකු බවත් එක්සත් රාජධානියේ නඩු පවරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පැවසුවා.