පලාලි කාලන්කාඩු ප්‍රදේශයේ වළදමා තිබූ භූගත උණ්ඩ ගබඩාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් එම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
ඒ අනුව එම ඉඩමේ වළදමා තිබු ඔ56 ස්වයංක්‍රීය ගිනි අවියට භාවිත කරනු ලබන උණ්ඩ 37,500ක් අඩංගු පෙට්ටි 50ක්, සහ ෆයි සීරෝ වර්ගයේ අවි සදහා භාවිතා කරනු ලබන උණ්ඩ 400ක් එලෙස භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
සැකකරුවෙකු නොමැතිව මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය සම්බන්ධ වැඩිදුර විමර්ශන පලාලි පොලිස් ස්ථානය මගින් සිදු කරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.