සම්බුදු තෙමඟුල සමරමින් දිවයින පුරා මේ වන විට විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා. ආමිසයට මෙන්ම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් සංවිධාන කළ පිංකම් රැසක් ඒ අතරට අයත්.
දිවයිනේ සෑම විහාරස්ථානයකම පාහේ අද උදෑසන පෙහෙවස් සමාදන් වීමේ වැඩසටහන් පැවැත්වුණා.
දන්සැල් රැසක්ද සංවිධාන කර ඇති අයුරු දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ වාර්තා වනවා.
මෙවර වෙසක් සැරසිලි මිලදී ගැනීම වෙනුවෙන්ද ඇත්තේ ඉහළ උනන්දුවක්.
සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර පැවසුවේ වෙසක් කූඩු අලෙවියද මෙවර ඉතා ඉහළ අගයක පැවති බවයි.
වෙසක් තොරණ සහ වෙසක් සැරසිලි සඳහා වන පිරිවැය අඩු වී ඇති බවද ඔහු පැවසුවා.
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙසක් කලාප 420කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව පොලිසීය පවසනවා.
තොරණ 321ක් සහ දන්සැල් 4,726ක් ද සංවිධානය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.