ආර්ථිකය, ජාත්‍යන්තර ප්‍රතිපත්ති සහ රට සංවර්ධනය කිරීම පිළිබඳ දේශපාලන නායකයින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ දේශපාලන නායකයින් ඉදිරිපත් කරන එම වැඩපිළිවෙළ ඉදිරි මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට තීන්දුවක් ගැනීමට ජනතාවට ඉවහල් වන බවයි.
දේශපාලන පක්ෂ මේ මොහොතේ ජනතාවගේ ස්වාධීන ජන මතයට බලපෑමක් එල්ල වන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකිය යුතු බවද පැෆරල් සංවිධානයේ විධායක සංවිධායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.