වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් අනුරාධපුර පූජා නගරයට මේ දිනවල විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙමින් තිබෙනවා.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අනුරාධපුරයේ වැව් හා ජලාශ විශාල ප්‍රමාණයක් ජලයෙන් පිරී ඇති බැවින් බැතිමතුන් සැලකිලිමත් විය යුතු බවයි අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර පවසන්නේ.
විශේෂයෙන් නුවර වැව, තිසා වැව, බසුවක්කුලම, මහ කනදරාව, මහවිලච්චිය, නාච්චදූව, රාජාංගනය, කලා වැව යන වැව් හා ජලාශ භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු බවයි ඔහු දැනුම් දෙන්නේ.
පිටතින් පැමිණෙන පුද්ගලයින් එම වැව් හා ජලාශ භාවිත කිරීමේදී ආරක්ෂිත ස්ථාන ලෙස නම් කරන ලද ස්ථානවලින් පමණක් දිය නෑම සිදු කරන ලෙසයි අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.