ක්‍රිප්ටෝ වංචාවකින් වින්දිතයන්ගෙන් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 73 ක් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් විසින් චීන ජාතිකයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ට එරෙහිව ඊට අදාළ චෝදනා එල්ල කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සිකුරාදා පැවසුවේ.
අමෙරිකානු බලධාරීන් විසින් ලොස් ඇන්ජලීස්, හිදී යිචෙන් ෂැං නමැත්තෙකු අත්අඩංගුවට ගත් අතර Daren Li නමැත්තෙකු ඇට්ලන්ටා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට වින්දිතයන් අන්තර්ජාලය හරහා පොළඹවා ඇති අතර එම අරමුදල් පසුව එක්සත් ජනපද මූල්‍ය ආයතන හරහා බහමාස් හි බැංකු ගිණුම් වෙත විශුද්ධිකරණය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ලී සහ ෂැං යන දෙදෙනාට මුදල් විශුද්ධිකරණය කිරීමේ කුමන්ත්‍රණය සහ ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා හයක් සම්බන්ධයෙන් අමෙරිකාව චෝදනා එල්ල කර ඇතැයි සඳහන්.
ඔවුන් ඒ සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් විත්තිකරුවන්ට එක් චෝදනාවකට උපරිම වශයෙන් වසර 20 ක සිරදඬුවමක් හිමිවන බවයි අධිකරණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ