Wednesday, March 26, 2025

General line - 0115112241

ඉදිරි පැය 36 ඉතා තද වැසි - ප්‍රදේශ රැසකින් ආපදා

රංජිත් රාජපක්ෂුජයන්ත වීරසේකර-ජූඩ් සමන්ත



නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 36ක කාලය තුළ ප්‍රදේශ රැසකට ඉතා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළා.

ඒ අතර වැඩිම වැසි අවදානමක් ඇත්තේ සබරගමුව පළාතේත් මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඉදිරි දින 03තුළ බෙංගාල බොක්ක හා අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවට ද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ අතර වැසි සහ තද සුළං හේතුවෙන් අදත් ප්‍රදේශ රැසක විවිධ ආපදා වාර්තා වුණා.