Wednesday, March 26, 2025

General line - 0115112241

ලෝක කුසලාන විනිසුරු මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් ධර්මසේන



එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන විනිසුරුවරුන්ගේ ලැයිස්තුව අද ප්‍රකාශයට පත් කළා.

ඒ අතරට විනිසුරුවරුන් විස්සක් අයත්.

මෙම විනිසුරුවරුන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් ඇතුළත් වන්නේ කුමාර් ධර්මසේන පමණයි.

තරඟ තීරකවරයෙකු ලෙස රංජන් මඩුගල්ල එක් වීමට නියමිතව තිබෙනවා. 

මෙවර විනිසුරු මඩුල්ලේ විශේෂත්වය වන්නේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියක ආරම්භක තරඟයට ඉතිහාසයේ පළමුවරට බංග්ලාදේශ විනිසුරුවරයෙකු සහභාගි වීමයි.