Sunday, February 23, 2025

General line - 0115112241

ස්පාඤ්ඤයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 04ක් මරුට - 16කට තුවාල



ස්පාඤ්ඤයේ මැජොර්කා දිවයිනේ දෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කඩා වැටුණු සුන්බුන් අතර තවත් පුද්ගලයින් පිරිසක් සිර වී සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එරට අගනුවර වෙරළබඩ ප්‍රදේශයේ අවන්හලක් මෙලෙස කඩා වැටී ඇති බවයි සඳහන් වන්නේ.

එහි කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සුන්බුන් අතර සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.