Monday, February 24, 2025

General line - 0115112241

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට ගසක් කඩා වැටෙයි 

ජුඩ් සමන්ත



මාරවිල - කොස්වාඩිය ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද  දහවල් හලාවත - කොළඹ මාර්ගයේ මාරවිල - කොස්වාඩිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙන්නේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකි. 

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

ගස කඩා වැටීම හේතුවෙන් පැයකට ආසන්න කාලයක් හලාවත - කොළඹ මාර්ගයේ ගමනා ගමන කටයුතු අවහිර වී තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් හැර සිටියේ.

මාරවිල පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගස කපා ඉවත් කිරීමෙන් අනතුරුව ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.