Monday, February 24, 2025

General line - 0115112241

වෙසක් උත්සවය වෙනුවෙන් ලුම්බිණියේදී ආගමික උත්සව රැසක්



මෙවර වෙසක් පුන් පොහොය වෙනුවෙන් ලුම්බිණියේදී විශේෂ බෞද්ධ වැඩසටහන් රැසක් පවත්වා තිබෙනවා.

ඒ නේපාලයේ කත්මන්ඩු නුවර ඉන්දීය තානාපති කාර්යාලය සහ ලුම්බිණි සංවර්ධන භාරය සමඟ එක්වයි.

ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මැයි 22 වන දින පස්වරුවේ ලුම්බිණි බෞද්ධ විශ්ව විද්‍යාලයේ "බුද්ධ ධර්මය සහ ගෝලීය සාමය" පිළිබඳ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයකින් එම වැඩසටහන් මාලාව ආරම්භ වූ බවයි.

විශේෂ උත්සව මාලාව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් 'ප්‍රචණ්ඩා' සහභාගි වී තිබෙනවා.

ඊට අමතරව ඉන්දියාවේ සහ නේපාලයේ කීර්තිමත් බෞද්ධ විද්වතුන් රැසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වී තිබෙනවා.

එහිදී එම විද්වතුන් නවීන ලෝකයට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වල අදාළත්වය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය බෙදා ගත් බවයි ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනය කළේ.

ඉන්දියාව සහ නේපාලය අතර ඇති අසමසම හා පොහොසත් බෞද්ධ සබඳතා ද විද්වතුන් විසින් ඉස්මතු කරන ලද බව එම නිවේදනයේ සඳහන්.

චිත්‍ර ප්‍රදර්ශනයක් සහ සංස්කෘතික විවිධාංග ඇතුළත් භක්ති ගී ප්‍රසංගයක් ද මීට සමගාමීව පූජනීය ලුම්බිණියේදී පවත්වා තිබුණා