Monday, February 24, 2025

General line - 0115112241

ජලයෙන් යට වූ මාර්ගවල ගමන් කරන පිරිසට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

සමන් පාලිත - විරාජ් ප්‍රනාන්දු - ජූඩ් සමන්ත



දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද රාත්‍රියේ කාලයේ ද ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

කැළණි, කළු, ගිං, බෙන්තර යන ගංඟාවන් සහ දැදුරු ඔය, මහ ඔය තවදුරටත් ඉහළ ජල මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවේ පහත් බිම්වල ජනතාව ඉදිරි දින කිහිපයේත් ඒ සම්න්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි.


අත්තනගලු ඔය ද්‍රෝණියේ ඇතැම් පහත් බිම්වල පවතින සුළු ගංවතුර තත්ත්වය අද රාත්‍රියේ පැවතිය හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ තවදුරටත් පවතින්නේ ජලයෙන් යටවී බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවා.


මේ අතර දැදුරු ඔය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් සෙසු ජලාශවල ජල මට්ටම සියයට 80ක ආසන්නයේ පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.