පවතින සුළං තත්ත්වය හමුවේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශද රළු වී තිබෙනවා.
ඇතැම් ස්ථානවලින් මුහුදු ජලය ගොඩබිමට ගලා එන ආකාරයක් ද දක්නට ලැබුනා.
මුහුදුබඩ මාර්ගයේ ද ඇතැම් ස්ථානවලින් මුහුදු ජලය දුම්රිය මාර්ගය වෙත ගසාගෙන එන ආකාරයක් අද පෙරවරුවේ දැකගත හැකි වුණා.
මේ අතර ආරච්චිකට්ටුව - මුතුපන්තිය දුපතේ වෙරළ යලිත් වරක් මුහුදු ඛාදනයට ලක්වෙමින් තිබෙනවා.
මුතුපන්තිය දුපතේ උතුරු වෙරළ තීරයේ යොදා ඇති ගල් වැටිය අවසානයෙන් මෙලෙස ඛාදනයට ලක්වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව එම වෙරළ තීරයේ තිබූ පොල් ගස් විශාල ප්‍රමාණයක් මේ වන විට කඩාවැටී තිබෙනවා.
වෙරළට සමාන්තරව තිබූ මාර්ගයක්ද සම්පූර්ණයෙන්ම මුහුදු ඛාදනයට ලක්ව ඇති අතර වෙරළ තීරයේ විදුලි රැහැන් පද්ධතියක්ද කඩා වැටීමේ තර්ජනයෙන් බේරා ගැනීම සදහා ඒවා කඹ යොදා බැද තැබීමට දූපත් වාසින් කටයුතු කර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.