Monday, February 24, 2025

General line - 0115112241

ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන්න පොහොට්ටුව තලාවෙන් වැඩ අරඹයි



ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දීමට ආසන බල මණ්ඩල පැවැත්වීම අද තලාව නගරයෙන්  ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඒ අනුව “සටන අරඹමු රජරටින්” යන තේමාව යටතේ පළමු රැස්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන පැවසුවේ.


ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවයි එස් එම් චන්ද්‍රසේන මන්ත්‍රීවරයා පැවසුවේ.