Monday, February 24, 2025

General line - 0115112241

නේත්‍රාලෝක වෙසක් කලාපයට අලුයම් කාලයෙත් දිවයිනේ නන් දෙසින් සැදැහැවතුන් විශාල පිරිසක්



නෙත් එෆ් එම් රේඩියෝව, වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානය සමග ඒකාබද්ධව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ තෙවන දිනය ඊයේ රාත්‍රියේ ආරම්භ වූ අතර අද අලුයම් කාලය දක්වාම දිවයිනේ නන් දෙසින් සැදැහැවතුන් විශාල පිරිසක් නේත්‍රාලෝක වෙසක් කලාපය නැරඹීමට පැමිණ තිබෙනවා.

ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථාන භූමියේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්.


මේ අතර ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපයේ සිව්වන දිනය අදයි.

ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ඓතිහාසික කූරගල පුදබිමේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.


එම වෙසක් කලාපය ලබන 29 වනදා දක්වා ක්‍රියාත්මකයි.