මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අනතුරු වළක්වාගැනීම වෙනුවෙන් අද රාත්‍රියේ ද කොළඹ මාර්ග කිහිපයක් වසා තබන බව පොලීසිය පවසනවා.
ඒ අනුව, බෞද්ධාලෝක මාවත, මලලසේකර මංසන්ධියේ සිට තුන්මුල්ල වටරවුම දක්වාත්, විජේරාම පාර ග්‍රෙගරි පාර මංසන්ධියේ සිට බෞද්ධාලෝක පාර දක්වාත්, පෙරහැර මාවත ජේම්ස් පීර්ස් මාවත මංසන්ධියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වාත්, බේබෲක් ප්‍රදේශය ද එසේ වසා තබන බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර වෙසක් කලාප නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට පාගමින් එම මාර්ගවල ගමන් කරන ලෙසටද පොලීසිය ඉල්ලීමක් කළා.
.