Monday, February 24, 2025

General line - 0115112241

ඉන්දීය ප්‍රධාන පුහුණුකාර ධූරය සම්බන්ධයෙන් සංගක්කාරගෙන් පැහැදිලි කිරීමක්



ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට අයදුම් කිරීමට තමන් කිසිවිටකත් අදහස් කර නොමැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර් ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ පසුගිය දිනක සමාජ මාධ්‍ය හරහා ඉන්දීය පුහුණුකාර ධූරයට කුමාර් සංගක්කාර් ඉල්ලුම් කර ඇති බව පවසමින් හුවමාරු වූ පුවතට ප්‍රතිචාර දක්වමින්.

එහිදී කුමාර් සංගක්කාර් සඳහන් කර ඇත්තේ ඉන්දීය පුහුණුකරු ධූරයට තමන්ට දීර්ඝ කාලයක් කැප කිරීමට නොහැකි බවයි.

අයි පී එල් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම මහත් සතුටක් බවත් ඉදිරියටත් ඒ වෙනුවෙන් කාලය වෙන්කරන බවත් කුමාර් සංගක්කාර් ඉන්දීය මාධ්‍යයට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

කුමාර් සංගක්කාර් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට අයි පී එල් තරඟාවලියේ දෙවන වර සුදුසුකම් ලැබීමේ තරඟයේදී සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම හමුවේ ලකුණු 36ක පරාජයක් හිමිවුණා.