Wednesday, March 26, 2025

General line - 0115112241

ජනපතිගෙන් ගමට ස්මාර්ට් කෘෂිකර්ම වැඩපිළිවෙලක්



නව ආර්ථික වැඩපිළිවෙලක් ආරම්භ කරමින් රට තුළ කෘෂිකර්මය දියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ රැකියා විරහිතභාවය අඩු කිරීමට හැකියාවක් පවතින බවත් නව තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියේදී අපනයනය ක්ෂේත්‍රයේ වාර්ධනයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


ඉදිරි කාලය රට බංකොලොත් භාවයෙන් මුදාගෙන රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම තමන්ගේ බලාපොරොත්තුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.