අධිකරණ රාජකාරිවලින් පසුගියදා ඉවත් වු බන්ධනාගාර නිලධාරීන් පිරිසකට එරෙහිව කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.
ඒ අනුව එදින එම අධිකරණය වෙත රැඳවියන් රැගෙන නොගිය බන්ධනාගාර නිලධාරීන් 26 දෙනෙකු මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඔවුන් සියලුදෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රාජකාරි කරන අය බවද වැඩිදුරටත් වාර්තා වනවා.