දිවයිනට බලපා ඇති සුළං තත්ත්වය හේතුවෙන් නිවෙස් අසළ සහ රාජකාරී ස්ථානවල ඇති අවදානම් සහිත ගස් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත් පැවසුවේ පොදු ස්ථානවල අවදානම් ගස් ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක බවයි.
පවතින වර්ෂාව සහ සුළං තත්ත්වය හමුවේ ගස් කඩා වැටීම් හේතුවෙන් පුද්ගල මරණ කිහිපයක්ම ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් විශ්‍රාමික උදය හේරත් වැඩිදුරටත් පැවසුවා.