Wednesday, March 26, 2025

General line - 0115112241

මාතර, මිදිගම වෙඩි තැබීමක්



මාතර, මිදිගම පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිය දරුවා පාසලට රැගෙන ආ පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබෙනවා.

කෙසේවෙතත් එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

සැකකරුවන් සොයා මිදිගම පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.