Friday, March 28, 2025

General line - 0115112241

අයර්ලන්තය බලා පියාසර කළ ගුවන් යානයක් අනතුරට ලක් වෙයි



කටාර් සිට අයර්ලන්තයේ ඩබ්ලින් දක්වා පියාසර කරමින් සිටි ගුවන් යානයක් අනතුරට ලක් වී තිබෙනවා.  

මෙම ගුවන් අනතුරෙන්  පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

එසේම තවත් පුද්ගලයින් 08 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. 

යානය තුර්කියට ඉහළින් පියාසර කිරමේදී කාලගුණයේ ඇති වූ කැළඹිලි ස්වාභාවය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති තිබෙන බවට සඳහන්. 

යානය මේ වන විට අයර්ලන්තයේ ඩබ්ලින් වෙත ගොඩ බස්වාඇති අතර යානය ආපසු දෝහා වෙත යාම ප්‍රමාද වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම මේ වන විට ඩබ්ලින් ගුවන් තොටුපලේ ගුවන් ගමන් කටයුතු සඳහා කිසිදු බලපෑමක් සිදු වී නොමැති අතර ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදු වන බවයි වාර්තා වන්නේ. 

ගුවන් යානය ගොඩබෑම සිදු වන අවස්ථාවේදී අයර්ලන්තයේ ගිනි නිවන හමුදාවේ කාර්ය මණ්ඩලය සහ හදිසි රථ වාහන කණ්ඩායම්  මගීන් රැගෙන යාම සඳහා සුදානමින් සිටි බවට සඳහන්. 

මේ සම්බන්ධයෙන් ඩබ්ලින් ගුවන්තොටුපල කණ්ඩායම මගීන්ට සහ ගුවන් සේවා කාර්ය මණ්ඩලයට භූමියේ පූර්ණ සහාය ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

කෙසේ වෙතත් එරට රජය පැවසුවේ මෙම හදිසි ගොඩබෑම සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ. .