මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් දින 06 ඇතුළත විදුලිය බිඳවැටීමේ සිද්ධීන් 61,000ක් වාර්තා වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එමෙන්ම පාරිභෝගිකයින් හාරලක්ෂ 67,500කට අධික පිරිසකට ඉකුත් දින 06 තුළ විදුලිය විසන්ධි වීමේ සිද්ධීන් වාර්තා වී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ.
විදුලිය බිඳවැටීම් 61,000 අතරින් 26,700ක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් විදුලිය විසන්ධි වුණ පිරිස අතරින් හාරලක්ෂ 25,500කට පමණ නැවත විදුලි සබඳතා ලබා දී ඇති බවයි එම මණ්ඩලය නිකුත් කළ නිවේනදයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.