Monday, February 24, 2025

General line - 0115112241

දුම්වැටි සහ මත් කරල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ීඔත්‍ අත්අඩංගුවට



තීරු බදු නොගෙවා නීති විරෝධී මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඇහැලියගොඩ, තලගහමුල ටයර් වෙළදසැල තුළ සිදු කළ වැටලීමකදීයි.

එහිදී දුම්වැටි 2,000කට අධික තොගයක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්නපුර උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම වැටලීම සිදු කෙරුණා.

මේ අතර, යාපනයේ ප්‍රදේශයේ නීති විරෝධී මත්කරල් ජාවාරමේ යෙදී සිටි විසි හැවිරිදි තරුණයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.