අහුන්ගල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු පසුගිය 08වනදා තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් පැමිණ අහුන්ගල්ල, බෝගහපිටිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් තිබූ බවයි පොලීසිය පැවසුවේ.
ඔහු බෙන්තර, කහඹිලියාකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කොස්ගොඩ පොලීසිය විසින්.
නිල්ලපතන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 410ක්ද සොයා ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.