පාගමනින් යමින් සිටි වයෝවෘද්ධ කාන්තාවකට උදව් කරන මුවාවෙන් පැළඳ සිටි රන්මාලයක් ඇතුළු දේපළ කොල්ලකා පලා ගොස් ඇතැයි හිරණ පොලිසිය පවසනවා.
අළුබෝමුල්ල අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
අරුක්ගොඩ මාර්ගයේ පා ගමනින් යමින් සිටියදී මාර්ගයේ පැමිණි තීරෝද රථයක් ඇය ගමන් කරන දෙසටම ගමන් කරන බවට පවසා ඇයව ත්‍රී රෝද රථයේ නංවාගෙන යමින් සිටියදී තීරෝද රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පැමිණිලිකාරියගේ ගෙලට පීහියක් තබා ඇය පැළඳ සිටි ග්‍රෑම් හතක් බර රන්මාලයක් මුදුවක් කරාබු ජෝඩුවක් හා මුදල් රුපියල් 3400ක මුදලක් කොල්ලකා ඇයව තීරෝද රථයෙන් බස්සවා පලා ගොස් තිබෙනවා.
හිරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ