රෙමාල් සුළි කුණාටුව බංග්ලාදේශයට කඩා වැදීමත් සමග එරට වෙරළබඩ ගම්මාන රැසක් ජලයෙන් යට වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ මේ වන විට එරට පදිංචිකරුවන් ලක්ෂ 08ක් පමණ එම ප්‍රදේශවලින් ඉවත් කර ඇති බවයි.
එමෙන්ම මේ වන විට පුද්ගලයන් නවයක්ද එම සුළි කුණාටුවේ බලපෑමෙන් අනතුරට ලක්වී මිය ගොස් තිබෙනවා.
නිරිතදිග බංග්ලාදේශයේදී බෝට්ටුවක් පෙරලීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් සුලිකුණාටුවේ වේගය ඉදිරියේදී අඩු වන ඇති බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.