Monday, February 24, 2025

General line - 0115112241

“වලපල හාමු” හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට

සම්පත් කුලරත්න



ඩුබායිහි සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ඩුබායි තරංගගේ ප්‍රධාන ගෝලයකු බව කියන “වලපල හාමු” නමැත්තා රුපියල් කෝටි  5කට ආසන්න වටිනා හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ, කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පානදුර, වලපල පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින්  කිලෝ එකයි ග්‍රෑම් 850ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් “වලපල හාමු” නමැත්තා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වනවා.

පානදුර, වාද්දුව බණ්ඩාරගම, හොරණ ඇතුළු ප්‍රදේශ රැසකටම සැකකරු තොග හා සිල්ලර වශයෙන් හෙරොයින් අළෙවි කරන බවටද සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූ බව පොලීසිය පැවසුවා.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කිරීමට නියමිතයි.