කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ අධික අවදානම් සහිත ගස් කපා ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් පරිදි එම ගස් කපා ඉවත් කිරීමට කටයුතු කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ගස් කඩා වැටීමෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවා.
මේ අතර තවදුරටත් වැසි සහ තද සුළං අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.