Monday, February 24, 2025

General line - 0115112241

රේගුවේ පුරප්පාඩු වූ තනතුරුවලට බඳවා ගැනීම් ගැන මුදල් රාජ්‍ය ඇමති කතාකරයි

නිහාල්සිරි ගම්ලත්



බලපෑම් සිදු කර රේගු දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වූ තනතුරු ලබා ගැනීමට කිසිවෙකුට අවස්ථාව හිමි නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම බඳවා ගැනීමේ කටයුතුවලට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

රේගුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් දැනට පුරප්පාඩුව පවතින සහකාර රේගු අධිකාරී සහ රේගු පරීක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීමේ කටයුතු මෙම දිනවල සිදු බවත් රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් කියා සිටියා.