ඉදිරියේදී හෝ වෙසක් සැරසිලි ආනයනය කිරීම තහනම් කළ යුතු බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති නිරුක්ෂ කුමාර පැවසුවේ වෙසක් සැරසිලි මෙරට තුළ නිෂ්පාදනය කිරීමට හැකියාව තිබියදී ඒවා ආනයනය කිරීම මෙරට ආර්ථිකයටද අහිතකර බවයි.
ලබන වසරේ වෙසක් මංගල්‍යයට පෙර බලධාරින් මෙම ගැටලුව විසඳීමට මැදිහත් විය යුතු බවද සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.