වැල්ලම්පිටියේ කුඩු රැජින ලෙස හදුන්වන 40 හැවිරිදි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් නව කැලණි පාලම, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
යුක්තිය මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය සඳහා දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙහෙයුම යටතේ අදාළ මෙහෙයුම ක්‍රියාත්ම කර තිබෙනවා.
අත්අඩංගුවට ගැණුනු සැකකාර කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 280ක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
සැකකාර කාන්තාව සහ සිය භාරයට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාරදුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා.