Thursday, April 17, 2025

General line - 0115112241

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු හදිසියේ මියයාම ගැන විමර්ශන



කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියගොස් තිබෙනවා.

කටුකුරුන්ද ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ එම රැඳවියා කළුතර බන්ධනාගාරයට රැගෙන විත් ඇත්තේ පසුගිය 25 වනදායි.

ඔහු රඳවා සිටි වාට්ටුව තුළදී හදිසියේ රෝගාතුර වී ඇති එම රැඳවියා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ තෙබුවන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 41ක පුද්ගලයෙක්.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය, කළුතර බන්ධනාගාරය සහ බන්ධනාගාර මූලස්ථානය මගින් වෙන වෙනම විමර්ශන ක්‍රියාත්මකයි.