පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 25 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
ඒ අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එම අවස්ථාවේදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුවයි අදාළ විරෝධතා ජුනි මස 25 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අධිකරණය නියෝග කර ඇත්තේ.
ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම ජූලි මස 25 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළා.
සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් රොහාන් සිල්වා පියතුමා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.