සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්යාලය ආසන්නයේ අද විරෝධතාවක නිරත වුණා.
ඒ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රටට අහිතකර පනත් කෙටුම්පත් පරාජය කිරීමට කටයුතු කරන ලෙස බල කරමින්.
පාර්ලිමේන්තුව අසල සිට පොදුජන පෙරමුණු කාර්යාලය දක්වා විරෝධතා පුවරු රැගෙන පා ගමනින් පැමිණි එම පිරිසට එම පක්ෂ කාර්යාලය දක්වා ගමන් කිරීමට පොලීසිය ඉඩ ලබා දුන්නේ නැහැ.
ඒ අනුව නෙළුම් මාවතට ඇතුල් වන මාර්ගය අසළදී පොල්ගසමින් විරෝධතාකරුවන් සිය විරෝධතාව පළ කළා.
මේ අතර විරෝධතාව පැවති ස්ථානයේ ගමන් කිරීමට උත්සහ කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංගටද විරෝධතාකරුවන්ගෙන් විරෝධයක් එල්ල වුණා.
එම විරෝධතාව සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංගද මාධ්‍ය වෙත අදහස් පළ කළා.