ව්‍යවස්ථානුකූලව නියත වශයෙන් මෙම වසර තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන බව ජනාධිපතිවරයා පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළ බවයි.
මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ අතර රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවද කැබිනට් ප්‍රකාශකවරයා එම මාධ්‍ය හමුවේදී කියා සිටියා.