අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසත් ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඊයේ දිනය වන විට ආපදා හේතුවෙන් සිදු වූ මරණ 08ක් වාර්තා වුණා. මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා අදාළ පාර්ශව වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මියගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් රුපියල් දෙලක්ෂ 50,000ක වන්දි මුදලක් ලබා දීමට නියමිත අතර එහි අත්තිකාරම වශයෙන් මේ වන විටත් රුපියල් 25,000 බැගින් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.