රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටළු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එසේම පවතින ගැටළු සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමට කටයුතු කරන ලෙසද ඔහු නිලධාරීන්ට දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පිළිබඳව ඇති ගැටළු සහ වැටුප් තලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
මෙහිදී ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශ කර සිටියේ ග්‍රාම නිලධාරී සේවයේ උසස් වීම් පිළිබඳව ගැටළු රැසක් මතුවී ඇති බැවින්, ඒවා විසඳමින් සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කළ යුතු බවයි.
ඒ අනුව මේ වන විට කෙටුම්පත් කර රාජ්‍ය සේවා කොමිසමෙහි අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාධනීය යෝජනා ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මෙහිදී දැනුම් දී ඇත්තේ.